Wednesday, September 11, 2013

දේව ආගම් වල සැබෑ හරය

සත්‍ය සොයා දේව ආගම් වල සැබෑ හරය



අපි මෙහෙම පටන් ගමු,
මිනිස්සු ඉස්සර ගස් ගල් වලට වැන්දා පිහිටක් අපේක්ෂාවෙන් ඉරට වැඳුම් පිදුම් කලා ,මොකද ඔවුන් තුල දැඩි භීතිකාවක් තිබ්බා මේ කලුවරට හා සිතා ගත නොහැකි දේ ගැන.(හුලග,අව්ව,ගින්දර).ඔවුන් ඒවාට වැදුම් පිදුම් කරලා කිව්වා අපිව කරදර වලින් බේරන්න කියලා.මොකද ඔවුන්ට අවබෝධයක් තිබ්බේ නැ අජීවී වස්තු කියලා.ඔහොම මොකක් හරි කරදරයකින් බේරුනොත් හිතනවා තමන්ට වැදුම් පිදුම් කළ වස්තුව තමන් ව බේරුවා කියලා.

මනුෂ්‍යා යනු කුතුහලය පිහිටි ජීවියෙක් අනිත් සතුන්ට වඩා.ඉතින් නුතනයේ   ඒ අජීවී වස්තුව වලට කෙරෙන වැදුම් අවබෝධ වී, කෙනෙකුට කරදරයක් උනාම හිතනවා ඕක කරන්න ඇත්තේ අපි දිහා බලාගෙන ඉන්න දෙවියෙක් කියලා හිතනවා. තවත් සමහරු හිතනවා ගිරා අපල කියලා.මේක සාමාන්‍යයි.උදාහරණයක් වශයෙන් මන් පොඩි කතාවක් කියන්නං ඔන්න එක මනුෂයෙක් කෙල්ලෙක්ට අපරාධයක් කරලා පොලෝසි ගෙනියනවා වැරදි කාරයාවෙලා ජීවිතාන්තය දක්වා හිර දඩුවම් විදින්න වෙනවා,ඉතින් ගෙදර උන්දැ කල්පනා කරනවා මේක මහා අපල කාලයක් නොවැ කියලා,ඉතින් එවුන් ද ,කේන්දරේ පෙන්නන්න ගෙනිහිච්චාම කියනවා ආ හරිනේ ගිර්යා මාරු වෙලා ,මේකට දෙවියන්ට මේ පූජාව තියන්න කියලා.මචන් ඕකට දෙවියන්ට පුජා තියලා හරියන්නෑ කියලා උබලට තේරෙනවා නේද ,කරන්න ඕනේ ඒ මනුස්යගේ වරද හදා ගන්න එක.

(ඉස්සර ඉරට හදට වැදපු මිනිස්සු දැන් නවීන ක්‍රමයට වදිනවා), ඉතින් අපේ තවත් සමහරු හිතන් ඉන්නවා මේ ජීවිතේ එන ප්‍රශ්න උඩ ඉන්න දෙයියෝ දාලා කියලා ,උදාහරණයක් වශයෙන් ක්‍රිස්තියානි,මුස්ලිම් අය පුජා පවත්වනවා.ක්‍රිස්තියානි විතරක් නෙමෙ බෞද්ද යයි කියාගන්නා පිරිසක්ද පුජා පවත්වනවා.කව්රු හරි ඇහුවොත් ඇයි ඔය පුජා පවත්වන්නේ කියලා ඔවුන් කියයි දෙවියන්ගෙන් සැප ඉල්ලන්න ඕනේ නිසා කියලා.තවත් දෙයක් දෙවියන්ගෙන් සැප ඉල්ලනවා කියන්නේ මොකද්ද තමුන් දැන් ඉන්න සැපය ප්‍රමාණවත් නොවනවා නොහොත් දුකෙන් ඉන්නේ.ඉතින් එහි තේරුම තමා දුකෙන් නිදහස් වීමට පුජා පවත්වනවා කියන එක.

මචන් කෙනෙක් හරි හම්බ කරලා පෝසත් වෙනවා ,ඔන්න එක සැරේම ව්‍යාපාරයක් නම් කඩා වැටනවා ඕකට ඒ මනුස්සයා පුජා පවත්වන එකද හරි නැත්නම් තවත් උත්සහයෙන් වැඩ කරන එකද හරි.මෙන්න බොරුව ඒ මිනිස්සු තමන්ගේ ආගමේ නාමයෙන් පුජා පැවැත්තුවත් කවදාවත් ව්‍යාපාරය සාර්ථකවෙන්න ඒක හේතු වෙන්නැ.තර්කය නම් පුජා පවත්වන සැම අයම පොහොසත් වෙන්න ඕනේ.එතකොට පුජා පවත්වන්නේ නැති අය දුප්පත් වෙන්න ඕනේ.අනිත් තර්කය නම් ස්ව උත්සාහයෙන් තොරොව පුජාවෙන් ප්‍රතිපල ලැබෙන්න ඕනේ ඒ උදවිය හිතාගෙන ඉන්නවනං පුජාවෙන් පොහොසත් වෙනවා කියලා ,මගේ තර්කය හරි නේද?

අද අපේ ගොඩක් මිනිස්සු හිතං ඉන්නේ පුජා පවත්වපුවහම වැඩේ ගොඩ කියලා.හැබෙයි ක්‍රිස්තියානි උනත් මුස්ලිම් උනත් කව්රු හරි දෙවියන්ගෙන් ඉල්ලන පිරිස් ඉන්නවා.හිතපන් ඔන්න කෙනෙක් ලෙඩ වෙලා ඉන්නවා.ඒ කෙනා මරණින් බෙරන්න කියලා කන්නලව් කරනාවා(අනේ ඒ ආත්මය දැන්ම ගන්න එපා කියලා යනාදී වශයෙන්),ඔන්න ඒ මනුස්සයා ඉදලා හොද වෙනවා ,ඉතින් හිතනවා ඔන්න දෙවියන්ගේ බලය ,කව්ද කියන්නේ සර්බලධාරී දෙවියා නැ කියලා ඔය හොද උනේ යනාදී මතයක් ගොඩනගා ගන්නවා.ඒ මතය තුල කටයුතු කරනවා.එකෙ අනිත් පැත්ත ඒ මනුස්සයා මැරෙනවා එතකොට හිතනවා ඕක දෙය්යන් වහන්සේගේ කැමැත්ත, උන් වහන්සේ ම මැව්වා ,උන් වහන්සේම ගත්තා.එතකොට ඔය විදියට හිතනවා.හැබෙයි සමහර විට සනීප කරගන්න පුළුවන් වෙයි හොද hospital එහෙකට දාලා.මචන් ඕකයි නිර්වත මේ දෙය්යන්ගෙන් ඉල්ලන මිනිස්සුන්ගේ.ඔතන ඔය රාමුව තුල හිතන මනුස්සයට පෙන්නේ ඔය විදියමයි.

ඔන්න දැන් ෆෙන්ෂුයි කියලා බොරුවක් ඇවිල්ලා තියෙනවා ,තක්කාලි ගෙඩියක් වලලපුවහම තමන්ගේ ප්‍රර්ථනය ඉටු වෙනවලු.බැරි වේලක්වත් අහම්බෙන් හම්බුනොත් රු 1000 හිතනවා, කව්ද කියන්නේ ෆෙන්ෂුයි බොරු කියලා ඔය හම්බුනේ.(හැබැයි ඔව්වා කරන් නැතුව හම්බෙන මිනිස්සු ගැන ඒ වෙලාවේ ඔලුවට එන්නැ).ඔන්න මචන් මුලාවේ තරම.කෙනෙක් ඉන්නවා jobless ඒ කෙනා දෙයියන්ට හරි ෆෙන්ෂුයි හරි පුජා කරලා හරි යනවද නැ ,වෙන්න ඕනේ qualification වැඩි කරගන්න එක.

මචන් මේක ගොඩක් දෙනෙක් කියන කතාවක් Iraq ,Afghanistan හෝ වේවා මේ මිනිස්සු හොදට දෙය්යන්ගෙන්(අල්ලා) ඉල්ලන මිනිස්සු ඒ මිනිස්සු විශ්වාස කරනවා සර්වබලධාරී දෙවියෝ ආරක්ෂා කරනවා කියලා.එහෙනං ඇමරිකන් හමුදාවට බිලි උනේ,මොකද්ද ඒ දෙවි පිහිට(ඕකට කියයි දෙයියන්ගේ කැමැත්ත කියලා මටනං පෙන්නේ හමුදාවේ කැමැත්ත කියලා).ඒවගේ ම ජපානයේ හිරෝෂිමා නාගසාකි වලට පරමාණු බෝම්බ ගැහුවා මිනිස්සු මැරුණා(ඒ ගොල්ලෝ බොහෝවිට බෞද්ධයෝ),හිට්ලර් විසින් යුදෙව්වෝ අමු අමුවේ මැරුවා(ඒ ගොල්ලෝ බොහෝ විට යුදෙව් ආගමිකයන්).ප්‍රභාකරන් විසින් මිනිස්සු බෝම්බ එවද්දී මිනිස්සු මැරුනේ දෙයියන්ගේ කැමැත්තට ද (එතකොට ඒ බෝම්බය ක්‍රිස්තියානිද ,බෞද්ධාද ද ,මුස්ලිම් ද ,හින්දුද කියලා බැලුවේ නැ නේද).අනිත් දේ මක්කමට ගංවතුරක් ගැලුවා 1948 මටමතක විදියට මුළු මක්කම ම යට උනා.දෙයියන්ගේ පිහිට තියා සර්වබලධාරී දෙවියෝ වැඩ ඉන්නවා කියලා සැලකෙන මෙවෙනි ස්ථානයකයට මෙවැන්නක් සිදු උනා නම් කුමන කතාද? අල්ලාටත් පිහිටක් නැ නේද?  ඔන්න මචන් point එක ,කොච්චර දෙවියන්ට වැන්දත් පිහිටක් නැ නේද.අඩුම තරමේ දෙවියන්ට වත් පිහිටක් නැ කියලා මක්කම සිදුවීමෙන් පැහදිලි වෙනවා.පිහිටක් තියෙනවානං කෝ දෙවියෝ පිහිට වෙන්න එපාය.මිනිස්සු තේරුම් ගත්තනං ජීවිතය හරය ඔය දේව මුලාවේ ඇද වටෙන් නැ.ඇයි ඒ තැනට මිනිස්සු වැටෙන්නේ මන් කලින් සදහන් කළ අතීතය දී මිනිස්සු ගස් ගල් ඉර ට වැදපු හේතුව ම තමයි.මිනිස්සුන් තුල පවතින ආශාවන් මුදුම් පත් කිරීමේදී සිදුවන බිය හා සැකය.එසේ නම් මොකද්ද හරය හා පෙනෙන සත්‍ය ,මන් කලින් කිව්ව උදාහරණයක් මිනිහෙක් කෙල්ලෙක්ට අපරාධ කරන කතාව,ඒ මනුස්සයා දැනගත්තනං ඔය කමශාව තමන් තුළ ඇති වී නැතිවෙන දෙයක් හා එහි ආශ්වාදයහි අවසාන ප්‍රතිපලයහි අර්ථය කුමක්ද කියා එහෙම කරන්නෙත් නැ අපල වලට බෙහෙත් කරන්නෙත් නැ දෙය්යන්ට කන්නලව් කරන්නෙත් නැ.ඔය දේව ආගම් අදහන පුද්ගලයෝ කරන්නේ තමන්ට ගොඩ එන්න බැරි කොට අනිත් මිනිස්සුත් ඒ මුලාවේ දාන එක.ප්‍රශ්නේ තියෙන්නේ මන් කියන දේත් ඒ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි තරන් මුලාවේ ඉන්නේ.හේතුව තමා බොහෝ විට මුදල් සෙවීම හා දැඩි බන්ධනය.

මොකද්ද සත්‍ය ,සත්‍ය තමා දෙය්යන්ගේන් කන්නලව් කිරීම මුලාවක් බවත් හා යමක් ඇති උනේ හේතුවකින් (දුක් වින්දනයක් හෝ සැප වින්දනයක් හෝ සැපදුක් සහිත වින්දනයක්) බවත් ඒ සියල්ලම තමා තුලින් හට ගත් බවත් එය නැති වී යන බවත් ලෝකයේ සියල්ලටම එය පොදු ධර්ම තවක් බවත්.
එය තවත් මන් පැහැදිලි කරන්නං
ඔන්න කෙනෙක්ගේ නිවසක් ඉදිරිපිට කෙනෙක් කුණුහරපෙන් ඒ කෙනාට බැනලා යනවා..ඒ කෙනාත් හොදටම බනිනවා
ඔන්න තවත් ඉන්නවා ඒ කෙනෙක්ගේත් නිවස ඉදිරිපිට කෙනෙක් කුණුහරපෙන් ඒ කෙනාම බැනලා යනවා.ඒ කෙනා බනිනේ නැ.
පලවෙනි පුද්ගලයා බනින්නත් දෙවන පුද්ගලයා නොබෙන ඉන්නත් හේතුව කුමක්ද.මේ සිතයි.ඇයි මන් එහෙම කියන්නේ බනිනවා කියන්නේ යම් කිසි වචන මාලාවක් සිය කටින් ප්‍රකාශ කිරීම.පලවෙනි පුද්ගලයා ඒ වචන මාලාව තමාගේ කරගත් නිසා ඇතිවූ තත්වය යටතේ ඔහුත් බැන්නා දෙවන පුද්ගලයා එම වචන තමාගේ යෙයි නොසිතපු නිසා ගනන් ගත්තේ නැ.අපිට හොදට පේන කරුණ නම් මේ තරහ ඇති උනේ තමන් තුලින් මයි.තමා තුලට ගත් නිසයි මෙහෙම උනේ.ඒ වචන තමා කරගත් නිසයි.
මන් තවත් උදාහරණයක් කියන්නං කෙනෙක්ට සල්ලි ඕනේ වෙනවා(ඔන්න සිතේ හට ගැනීම හෝ තමා තුලින් හට ගැසීම).සල්ලි හොයන්න ක්‍රමයක් නැ මේ කෙනා හොරකම් කරනවා(ඔන්න සල්ලි හම්බවෙලා ප්‍රීති වෙනවා)හැබැයි ටික කලකින් පොලිසියට හසු වෙනවා(වින්දනය අවසන්).පොලිසියෙන් ප්‍රශ්න කරද්දී බොරුත් කියනවා.ඔහොම ඉදලා ඇත්ත හෙළි වෙලා හිරේ දානවා.දැන් මේ මනුස්සයා කල්පනා කරනවා ඇයි මට මෙහෙම උනේ කියලා.ඔන්න ඕකයි තත්වය තමන් කොහේ හරි ජිවිතේ වැටෙන කන් දන්න නැ තමන් වැටෙනවා කියලා.මොන ආගමේ උනත් මොන ඇදහිල්ල කරත් තමන් ප්‍රශ්නයක් තුල පැටලී පැටලී ඉන්නවා මිසක් හේතුව හොයන් නැ.ඉතින් බාහිර ව දෙව කන්නලව් කරනවා තමන් ගෙ ප්‍රශ්නයෙන් නිදහස් කරන්න කියලා.එය ඇතිවුනේ අර සිතුවිල්ලෙන් කියලා හිතන් නැ.කවදාවත් පිහිටක් නං නැ.තව තවත් මුලාව තුල හිර වෙනවා පමණයි.තමන් තුළ ඇති උන තමන්ගේ සිත තුල ඇති උන සිතිවිල්ලක ප්‍රථිපලයක් ලෙස හිතුවා නං ඔහොම කවදාවත් හිතං නැ ඒ කෙනා.එහෙම හිතන කෙනාට ප්‍රශ්නයක් තියෙන වා ද නැද්ද?ඇත්තන්ම ඒ කෙනා තමන්ගේ වරද තමන් තුලින් දකිනවා මිස ලෝකයට භාර කරන්නේ නැත.සිත නිවැරදි වුවා නම් කයත් නිවැරදි වන්නේ නිරායසෙමිනි.
ඒ තැනට සිත සකස් කරගත යුත්තේ ද තමන් විසින් මයි.මොකද තමන් තුලින් ඇති වූ දෙයක් නිසාමයි.
දකින්න බුද්ධිමත්ව  දේව මුලාව,  ඔබට ජය !!!
 [මිනිහගේ කාමී සිතිවිල්ල ආවේ ඔහු තුල පවතින වැරදි සිතිවිලි වලින් එයයි හේතුව පලය කාමී සිතුවිල්ල වේගයෙන් අභාවයට ගොස් හිරේ දුක් විදීම නැතුව දෙය්යෝ කෝප වෙලාවත් ගිරයා වැරදිලාවත් නෙමෙයි]

No comments:

Post a Comment