Wednesday, September 11, 2013

ශ්‍රී සද්ධර්මය සත්‍යක්ද ?


                     මන් මේ කියන්න යන්නේ ඔබේ ජිවිතයට සම්බන්ධ මාතෘකාවක් ගැනය.
                      ඇත්තෙන්ම ශ්‍රී සද්ධර්මය සත්‍යද අසත්‍යද බව ඔබට අවබෝධ වෙන කාරණයක් කියන්නම්.මෙය මගේ අත්දැකීමකි.කුමක්ද මේ ශ්‍රී සද්ධර්මය? සරලව කිව්වොත් හේතු පල දහමයි.නමුත් මෙය ඉතා ගැබුරු වූ දෙයක්.හේතු පල දහම යනු සරලව කිව්වොත් යමක් ඇති උනාද ඒ දෙය අනිවාර්යෙන් ඒ හේතුන් නිරෝධ වීමෙන් විනාශ වෙනවා.කාට හරි කියන්න පුලුවන්ද මේ ලෝකේ විනාශ නොවෙන දෙයක් ඔබේ නුවනින් කල්පනා කරන්න නැ.කොහෙවත් හොයා ගන්න බැ එහෙම දෙයක්.හිතන්න ඔබේ ශරීරය  එය ගින්නෙන් විනාශ වෙන්න පුළුවන් ලෙඩ රෝග වලින් විනාශ වෙන්න පුළුවන් ජලයෙන් විනාශ වෙන්න පුලුවන්න.මේ ලෝකයේ කිසියම් ලෙඩ රෝගයක් ඇද්ද ඒ සියල්ලගෙන්ම මේ කයට වැළදෙන්න පුළුවන්.ඉතින් අපිට හොදටම පැහැදිලි මේ ලෝකයේ සැම දෙයක්ම අභාවයට යනවා.ඔබ අසා කරන දෙයක් වෙද්ද ඒ දෙය විනාශ වීමට යන්නේ බොහෝ විට ක්ෂණයක්.ඔබ මේ දක්වා කියක් දේවල් මට අයිතියි කියලා තියාගෙන එක කැඩිලා ගියාම අයින් කරන්න ඇද්ද.ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය පන දෙන්න වගේ සිටිමින් ඔබ අත්හැර යන්න ඇතිද.පසුගිය සුනාමියෙන් යුද්දයෙන් ඒ මිනිස්සු හම්බු කරපු සැම දෙයක්ම නැති උනා.ඉතින් මේ ලෝකයේ එක් සත්‍යක් තමයි අනිත්‍යතාව.මෙය කතා කිරීමට ලැජ්ජා හා නිතරම සිදුවන දෙයක්.අනිත් සත්‍ය කුමක්ද එය ඔබ ආශා කරපු දෙය නැති වීමේ ස්වභාවය නිසා ඇතිවන මානසික තත්වය.එයට අපි දුක කියලා කියනවා.අපි ජීවිතය කොටස් දෙකකට ගත්තොත් දුක හා සතුට කියලා , අපි වැඩියෙන් විදින්නේ හා විදෙව්වේ දුකද සතුටද ,කලපනා කරලා බැලුවොත් පෙනෙයි අපි විදලා තියෙන්නේ වැඩියෙන් දුක.සැප විදලා කියලා අපි පොඩි සැප වින්දනයක් විදිනවා තමයි,නමුත් එම සැප වින්දනය වෙනස්වන ස්භාවයකින් යුක්ත නිසා අපිට දුක් වින්දනය විදින්න සිදු වෙනවා.ඇයි අපිට මේක පෙන්නේ නැත්තේ ඒ දුක් වින්දනය වහන්න අපි තව සැප වින්දනයක් හොයනවා.ඒ සැප වින්දනය දුක් වින්දනයක් උනාම තව සැප වින්දනයක් හොයනවා.ටිකක් විවෘත මනසකින් කල්පනා කලොත් අපිට එක පේන දෙයක්. ඉතින් මේකෙන් අපිට පේනවා අපේ ජිවිතයේ කිසිම වින්දනයක් දෙයක් අපිට ඕනේ ලෙස තබා ගන්න බෑ.කාට හරි කියන්න පුලුවන්ද මෙය බොරුවක් කියලා කාටවත් කියන්න බැ.හොදයි අපි හිතමු අපි වාහනයක් ගත්තා කියලා.ඇයි අපිට වාහනයක් ඕනේ වෙන්නේ බස් එකේ කට්ට කන්නේ නැතුව හොද සැප පහසුවට පාරේ යන්න.ඒ සැපපහසුව මුලින්ම අපි සිතේ සිතිවිල්ලකින් මනසින් දැක්කා.මට මෙහෙම යන්න පුළුවන් මට මෙහෙම වින්දනයක් විදින්න පුළුවන් කියලා.හැබයි එම වාහනය ඔබේ කියලා සිතුවත් කාලයත් සමග දිරලා විනාශ වෙනවා නේද.(මන් කියන්නෑ වාහන ගන්න එපා කියලා).ඊට පස්සේ දුකක් හිතට එනවා.අපි වාහනයක් අරන් කරන්නේ මොකද්ද ශරීරයට සැප වින්දනයක් විදීමයි.මෙන්න මේ වින්දනය කියන්නේ මොකද්ද ශරීරයේ වින්දනය කියන්නේ මේ කයත්,පහසත්,කයේ විඥ්ඥානයත් එකට එකතු වීමෙන් ලැබූ අවස්ථාව. කයේ විඥ්ඥානය කිව්වේ කය හා පහස එකට එකතුවීමෙන් අපි ලබන අත්දැකීම. කයේ විඥ්ඥානයන් අත් දකින අවස්ථාව සිතට එන්නේ සුභ වශයෙන්.ඒ  කයත්,පහසත්,විඥ්ඥානයත් එකට එකතු උනාම ඇතිවන අවස්ථාව වින්දනය ලෙසත්,ඒ ආශාව පස්සේ එත් එක්කම ඇති වෙනවා.ඒ ආශාවත් කාලයක් ගියාම ඒ හේතු නිරුද්ධ වීමෙන් නැතිවෙනවා.අපි කැමකට අසා කරනවා කිව්වොත් අසා කරන්නේ එහි රසයට එයයි විඥ්ඥානය(පැණිරස,තිත්ත රස,අබුල් රස යනාදී).ඔන්න හේතුන්ගේ ඇතිවීම හා නැතිවීම හේතුව තමයි පහස ලැබීම එහි පලය ආශා කිරීම එහි නිරෝධය තමා වස්තුවට ඇති කැමැත්ත වෙනස් වී නැති වීම.ඔය ලෙස ඇසයි,රුපයි, ඇසහි විඥ්ඥානයත් එක්ක එකතු වෙලා ඒ වින්දනයට ආශා කරනවා.නාසයයි,සුවදයි,නාසයේ විඥ්ඥානයත් එක්ක එකතුවෙලා ඒ දෙයට ආශා කරනවා.කනයි,ශබ්දයි,කනේ විඥ්ඥානයත් එක්ක එකතු වෙලා ඒ වින්දනයට ආශා කරනවා.දිවයි,රසයි,දිවේ විඥ්ඥානයත් එක්ක එකතුවෙලා ඒ වින්දනයට ආශා කරනවා.මනසයි,සිතිවිලියි,මනසේ විඥ්ඥානයත් එකක් එකතුවෙලා ඒකට ආශා කරනවා.මේ කයේ විඥ්ඥානය ,දිවේ විඥ්ඥානය,ඇසෙ විඥ්ඥානය,නාසයේ විඥ්ඥානය,මනසේ විඥ්ඥානයකයේ විඥ්ඥානය තිබ්බේ නැත්තන් මිනිස්සු කිසිම දෙයට අසා කරයිද නැ.මේ ආශාවේ මුල් බීජය තිබ්බේ නැත්තං ලෝකයේ මිනිස්සු,සත්තු,ගොඩනැගිලි,වාහන මුකුත් නැ.මෙන්න මේ ධර්මය පිළිබදව ඉන්ද්‍රියක් වශයෙන් වඩුනහම ,ඒ කෙනාට තමන් ආශා කරපු දෙය නැති උනා කියලා මහා දුකක් දොම්නසක් ඇති වෙන්නේ නැ නේද.මෙය නුවනින් විමස විමසා පසුව එම ධර්මය ඉන්ද්‍රියක් වශයෙන් වැඩෙනවා.මේ ධර්මය පිළිබද සැකය නැති වෙනවා.තමා යෙයි හැගීම හා තමා සතු ආත්මයක් යෙයි හැගීම නැතිවෙනවා.ඉතින් ඒ කෙනා කවදාවත් දුකෙන් සැලෙන් නේ නැ.ඉතින් පසුව ඔහුට විශාලා නිරාමිස ප්‍රීතියක් ඇති වෙනවා මන් ධර්මය අවබෝධ කලා කියලා.මුළු ජිවිතයම වෙනස් වෙන්න ගන්නවා.එහෙම කෙනෙකුට බුදු රජාණන් වාහන්සේ පිළිබද දැඩි ශ්‍රද්ධාවක් ඇති වෙනවා.මොකද තමා තුලින් දැකපු සත්‍ය(ධර්මය) උන් වහන්සේ දේශනා කළ නිසා ඒ වගේම එම පුද්ගලයා අරහත් හා ශ්‍රවක වන්සේලගේ සග ගුණ තේරෙනවා.එය වඩ වඩාත් පැහැදෙනවා එහි පලමු අවස්ථාව සොතාපත්ති මග්ගග්යි.මේ ධර්මය අවබෝධ වී නිවැරදි දැක්මක් ඇතිව වාසය කරද්දී ඔහුගේ සීලය සම්පුරණ වෙනවා, දැන් ඔහුට ප්‍රත්‍යක්ෂ වෙනවා මන් නිවන් මාර්ගයට පැමිණි ඇති බව එය සෝවාන් පලයයි.මේ අවස්ථාවේදී පේනවා තමා මෙච්චර කාලයක් කලේ ආශාවන් පස්සේ ඇවිදීම කියලා.ඔහු දුක් ගොඩක් අවසන් කලා කියලත් පහදිමෙන්ම ඇති වෙනවා.ඔහු නැවත කවදාවත් සීලය කිලිටි කරගන්නේ නැ.මොකද ධර්මය අවබෝධ උනාම තේරෙනවා ඕවා පුහු වැඩ කියලා.යමෙක් ධර්මය දකිනවා කියලා කියන්නේ මේ තමා තුලින් ලෝකය දැකීම.යමෙක් ධර්මය දකිනම් හේ බුදු රජාණන් වහන්සේ දකිනවා කියන්නේ මේකට.ඔහුට බුදුරජාණන් වහන්සේගේ ගුණ තේරෙන නිසා.ඒ කෙනාට  කව්රුත් බැන්නත් ගැහුවත් කලින් හිටිය වගේ දුකක් ඇති වෙන්නේ නැ එක ඉක්මනින් නැති වෙන දෙයක් කියලා දකින නිසා.ඒ වගේම ඔහුට දුකක් හෝ සැපක් හෝ සමව දරාගැනීමේ හැකියාව ඇති වෙනවා.ඒ වගේම සත්‍ය ඤාණය ඇති වෙනවා.යමක ඇති වීම හා නැති වීමේ ආදීනවය හොදින් දකිනවා.ආමිස පුජාවට වඩා ප්‍රතිපත්ති පුජා වට තැන දෙනවා.ඉතින් , ඒ කෙනාගේ ජීවිතය කොච්චර ලස්සන වෙයිද.මේ දෙය ලබා ගැනීම අද කලයේ ඇත්තෙන්ම දුෂ්කරයි.මෙය ප්‍රාර්ථනයක් කලාට ලැබෙන්නේ නැ.අනපනසති භාවනාව පැය භාගයක්වත් වඩා ඇස,කන,නාසය,දිව,කය,මනස හා එහි උපදානස්කන්දයත්,එහි අදිනවයත් දකින්න ඕනේ(මන් භාවනාව කියන්නෑ මේ අවසත්තාවේ එක දීර්ග නිසා).නොපසු බසන්නා වීර්ය තියෙන්න ඕනේ.සමහර විට ප්‍රතිපලය මාසෙකින් දෙකකින් තුනකින් ඊටත් වැඩි වෙන්න පුළුවන්.මොකද ඒ ඒ පුද්ගලයා ගෙ අවබෝධ ශක්තිය වෙනස් නිසා එක කියන්න බැ.නමුත් එය අනිවාර්යෙන් ම කළ හැකි දෙයක්.ඉතින් කව්ද කියන්නේ ශ්‍රී සද්ධර්මය බොරුවක් කියලා?මෙය කරන්න බැ හෝ වෙන්නේ නැ කියලා.
නමෝ බුද්ධය !!!
                                                         







දේව ආගම් වල සැබෑ හරය

සත්‍ය සොයා දේව ආගම් වල සැබෑ හරය



අපි මෙහෙම පටන් ගමු,
මිනිස්සු ඉස්සර ගස් ගල් වලට වැන්දා පිහිටක් අපේක්ෂාවෙන් ඉරට වැඳුම් පිදුම් කලා ,මොකද ඔවුන් තුල දැඩි භීතිකාවක් තිබ්බා මේ කලුවරට හා සිතා ගත නොහැකි දේ ගැන.(හුලග,අව්ව,ගින්දර).ඔවුන් ඒවාට වැදුම් පිදුම් කරලා කිව්වා අපිව කරදර වලින් බේරන්න කියලා.මොකද ඔවුන්ට අවබෝධයක් තිබ්බේ නැ අජීවී වස්තු කියලා.ඔහොම මොකක් හරි කරදරයකින් බේරුනොත් හිතනවා තමන්ට වැදුම් පිදුම් කළ වස්තුව තමන් ව බේරුවා කියලා.

මනුෂ්‍යා යනු කුතුහලය පිහිටි ජීවියෙක් අනිත් සතුන්ට වඩා.ඉතින් නුතනයේ   ඒ අජීවී වස්තුව වලට කෙරෙන වැදුම් අවබෝධ වී, කෙනෙකුට කරදරයක් උනාම හිතනවා ඕක කරන්න ඇත්තේ අපි දිහා බලාගෙන ඉන්න දෙවියෙක් කියලා හිතනවා. තවත් සමහරු හිතනවා ගිරා අපල කියලා.මේක සාමාන්‍යයි.උදාහරණයක් වශයෙන් මන් පොඩි කතාවක් කියන්නං ඔන්න එක මනුෂයෙක් කෙල්ලෙක්ට අපරාධයක් කරලා පොලෝසි ගෙනියනවා වැරදි කාරයාවෙලා ජීවිතාන්තය දක්වා හිර දඩුවම් විදින්න වෙනවා,ඉතින් ගෙදර උන්දැ කල්පනා කරනවා මේක මහා අපල කාලයක් නොවැ කියලා,ඉතින් එවුන් ද ,කේන්දරේ පෙන්නන්න ගෙනිහිච්චාම කියනවා ආ හරිනේ ගිර්යා මාරු වෙලා ,මේකට දෙවියන්ට මේ පූජාව තියන්න කියලා.මචන් ඕකට දෙවියන්ට පුජා තියලා හරියන්නෑ කියලා උබලට තේරෙනවා නේද ,කරන්න ඕනේ ඒ මනුස්යගේ වරද හදා ගන්න එක.

(ඉස්සර ඉරට හදට වැදපු මිනිස්සු දැන් නවීන ක්‍රමයට වදිනවා), ඉතින් අපේ තවත් සමහරු හිතන් ඉන්නවා මේ ජීවිතේ එන ප්‍රශ්න උඩ ඉන්න දෙයියෝ දාලා කියලා ,උදාහරණයක් වශයෙන් ක්‍රිස්තියානි,මුස්ලිම් අය පුජා පවත්වනවා.ක්‍රිස්තියානි විතරක් නෙමෙ බෞද්ද යයි කියාගන්නා පිරිසක්ද පුජා පවත්වනවා.කව්රු හරි ඇහුවොත් ඇයි ඔය පුජා පවත්වන්නේ කියලා ඔවුන් කියයි දෙවියන්ගෙන් සැප ඉල්ලන්න ඕනේ නිසා කියලා.තවත් දෙයක් දෙවියන්ගෙන් සැප ඉල්ලනවා කියන්නේ මොකද්ද තමුන් දැන් ඉන්න සැපය ප්‍රමාණවත් නොවනවා නොහොත් දුකෙන් ඉන්නේ.ඉතින් එහි තේරුම තමා දුකෙන් නිදහස් වීමට පුජා පවත්වනවා කියන එක.

මචන් කෙනෙක් හරි හම්බ කරලා පෝසත් වෙනවා ,ඔන්න එක සැරේම ව්‍යාපාරයක් නම් කඩා වැටනවා ඕකට ඒ මනුස්සයා පුජා පවත්වන එකද හරි නැත්නම් තවත් උත්සහයෙන් වැඩ කරන එකද හරි.මෙන්න බොරුව ඒ මිනිස්සු තමන්ගේ ආගමේ නාමයෙන් පුජා පැවැත්තුවත් කවදාවත් ව්‍යාපාරය සාර්ථකවෙන්න ඒක හේතු වෙන්නැ.තර්කය නම් පුජා පවත්වන සැම අයම පොහොසත් වෙන්න ඕනේ.එතකොට පුජා පවත්වන්නේ නැති අය දුප්පත් වෙන්න ඕනේ.අනිත් තර්කය නම් ස්ව උත්සාහයෙන් තොරොව පුජාවෙන් ප්‍රතිපල ලැබෙන්න ඕනේ ඒ උදවිය හිතාගෙන ඉන්නවනං පුජාවෙන් පොහොසත් වෙනවා කියලා ,මගේ තර්කය හරි නේද?

අද අපේ ගොඩක් මිනිස්සු හිතං ඉන්නේ පුජා පවත්වපුවහම වැඩේ ගොඩ කියලා.හැබෙයි ක්‍රිස්තියානි උනත් මුස්ලිම් උනත් කව්රු හරි දෙවියන්ගෙන් ඉල්ලන පිරිස් ඉන්නවා.හිතපන් ඔන්න කෙනෙක් ලෙඩ වෙලා ඉන්නවා.ඒ කෙනා මරණින් බෙරන්න කියලා කන්නලව් කරනාවා(අනේ ඒ ආත්මය දැන්ම ගන්න එපා කියලා යනාදී වශයෙන්),ඔන්න ඒ මනුස්සයා ඉදලා හොද වෙනවා ,ඉතින් හිතනවා ඔන්න දෙවියන්ගේ බලය ,කව්ද කියන්නේ සර්බලධාරී දෙවියා නැ කියලා ඔය හොද උනේ යනාදී මතයක් ගොඩනගා ගන්නවා.ඒ මතය තුල කටයුතු කරනවා.එකෙ අනිත් පැත්ත ඒ මනුස්සයා මැරෙනවා එතකොට හිතනවා ඕක දෙය්යන් වහන්සේගේ කැමැත්ත, උන් වහන්සේ ම මැව්වා ,උන් වහන්සේම ගත්තා.එතකොට ඔය විදියට හිතනවා.හැබෙයි සමහර විට සනීප කරගන්න පුළුවන් වෙයි හොද hospital එහෙකට දාලා.මචන් ඕකයි නිර්වත මේ දෙය්යන්ගෙන් ඉල්ලන මිනිස්සුන්ගේ.ඔතන ඔය රාමුව තුල හිතන මනුස්සයට පෙන්නේ ඔය විදියමයි.

ඔන්න දැන් ෆෙන්ෂුයි කියලා බොරුවක් ඇවිල්ලා තියෙනවා ,තක්කාලි ගෙඩියක් වලලපුවහම තමන්ගේ ප්‍රර්ථනය ඉටු වෙනවලු.බැරි වේලක්වත් අහම්බෙන් හම්බුනොත් රු 1000 හිතනවා, කව්ද කියන්නේ ෆෙන්ෂුයි බොරු කියලා ඔය හම්බුනේ.(හැබැයි ඔව්වා කරන් නැතුව හම්බෙන මිනිස්සු ගැන ඒ වෙලාවේ ඔලුවට එන්නැ).ඔන්න මචන් මුලාවේ තරම.කෙනෙක් ඉන්නවා jobless ඒ කෙනා දෙයියන්ට හරි ෆෙන්ෂුයි හරි පුජා කරලා හරි යනවද නැ ,වෙන්න ඕනේ qualification වැඩි කරගන්න එක.

මචන් මේක ගොඩක් දෙනෙක් කියන කතාවක් Iraq ,Afghanistan හෝ වේවා මේ මිනිස්සු හොදට දෙය්යන්ගෙන්(අල්ලා) ඉල්ලන මිනිස්සු ඒ මිනිස්සු විශ්වාස කරනවා සර්වබලධාරී දෙවියෝ ආරක්ෂා කරනවා කියලා.එහෙනං ඇමරිකන් හමුදාවට බිලි උනේ,මොකද්ද ඒ දෙවි පිහිට(ඕකට කියයි දෙයියන්ගේ කැමැත්ත කියලා මටනං පෙන්නේ හමුදාවේ කැමැත්ත කියලා).ඒවගේ ම ජපානයේ හිරෝෂිමා නාගසාකි වලට පරමාණු බෝම්බ ගැහුවා මිනිස්සු මැරුණා(ඒ ගොල්ලෝ බොහෝවිට බෞද්ධයෝ),හිට්ලර් විසින් යුදෙව්වෝ අමු අමුවේ මැරුවා(ඒ ගොල්ලෝ බොහෝ විට යුදෙව් ආගමිකයන්).ප්‍රභාකරන් විසින් මිනිස්සු බෝම්බ එවද්දී මිනිස්සු මැරුනේ දෙයියන්ගේ කැමැත්තට ද (එතකොට ඒ බෝම්බය ක්‍රිස්තියානිද ,බෞද්ධාද ද ,මුස්ලිම් ද ,හින්දුද කියලා බැලුවේ නැ නේද).අනිත් දේ මක්කමට ගංවතුරක් ගැලුවා 1948 මටමතක විදියට මුළු මක්කම ම යට උනා.දෙයියන්ගේ පිහිට තියා සර්වබලධාරී දෙවියෝ වැඩ ඉන්නවා කියලා සැලකෙන මෙවෙනි ස්ථානයකයට මෙවැන්නක් සිදු උනා නම් කුමන කතාද? අල්ලාටත් පිහිටක් නැ නේද?  ඔන්න මචන් point එක ,කොච්චර දෙවියන්ට වැන්දත් පිහිටක් නැ නේද.අඩුම තරමේ දෙවියන්ට වත් පිහිටක් නැ කියලා මක්කම සිදුවීමෙන් පැහදිලි වෙනවා.පිහිටක් තියෙනවානං කෝ දෙවියෝ පිහිට වෙන්න එපාය.මිනිස්සු තේරුම් ගත්තනං ජීවිතය හරය ඔය දේව මුලාවේ ඇද වටෙන් නැ.ඇයි ඒ තැනට මිනිස්සු වැටෙන්නේ මන් කලින් සදහන් කළ අතීතය දී මිනිස්සු ගස් ගල් ඉර ට වැදපු හේතුව ම තමයි.මිනිස්සුන් තුල පවතින ආශාවන් මුදුම් පත් කිරීමේදී සිදුවන බිය හා සැකය.එසේ නම් මොකද්ද හරය හා පෙනෙන සත්‍ය ,මන් කලින් කිව්ව උදාහරණයක් මිනිහෙක් කෙල්ලෙක්ට අපරාධ කරන කතාව,ඒ මනුස්සයා දැනගත්තනං ඔය කමශාව තමන් තුළ ඇති වී නැතිවෙන දෙයක් හා එහි ආශ්වාදයහි අවසාන ප්‍රතිපලයහි අර්ථය කුමක්ද කියා එහෙම කරන්නෙත් නැ අපල වලට බෙහෙත් කරන්නෙත් නැ දෙය්යන්ට කන්නලව් කරන්නෙත් නැ.ඔය දේව ආගම් අදහන පුද්ගලයෝ කරන්නේ තමන්ට ගොඩ එන්න බැරි කොට අනිත් මිනිස්සුත් ඒ මුලාවේ දාන එක.ප්‍රශ්නේ තියෙන්නේ මන් කියන දේත් ඒ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි තරන් මුලාවේ ඉන්නේ.හේතුව තමා බොහෝ විට මුදල් සෙවීම හා දැඩි බන්ධනය.

මොකද්ද සත්‍ය ,සත්‍ය තමා දෙය්යන්ගේන් කන්නලව් කිරීම මුලාවක් බවත් හා යමක් ඇති උනේ හේතුවකින් (දුක් වින්දනයක් හෝ සැප වින්දනයක් හෝ සැපදුක් සහිත වින්දනයක්) බවත් ඒ සියල්ලම තමා තුලින් හට ගත් බවත් එය නැති වී යන බවත් ලෝකයේ සියල්ලටම එය පොදු ධර්ම තවක් බවත්.
එය තවත් මන් පැහැදිලි කරන්නං
ඔන්න කෙනෙක්ගේ නිවසක් ඉදිරිපිට කෙනෙක් කුණුහරපෙන් ඒ කෙනාට බැනලා යනවා..ඒ කෙනාත් හොදටම බනිනවා
ඔන්න තවත් ඉන්නවා ඒ කෙනෙක්ගේත් නිවස ඉදිරිපිට කෙනෙක් කුණුහරපෙන් ඒ කෙනාම බැනලා යනවා.ඒ කෙනා බනිනේ නැ.
පලවෙනි පුද්ගලයා බනින්නත් දෙවන පුද්ගලයා නොබෙන ඉන්නත් හේතුව කුමක්ද.මේ සිතයි.ඇයි මන් එහෙම කියන්නේ බනිනවා කියන්නේ යම් කිසි වචන මාලාවක් සිය කටින් ප්‍රකාශ කිරීම.පලවෙනි පුද්ගලයා ඒ වචන මාලාව තමාගේ කරගත් නිසා ඇතිවූ තත්වය යටතේ ඔහුත් බැන්නා දෙවන පුද්ගලයා එම වචන තමාගේ යෙයි නොසිතපු නිසා ගනන් ගත්තේ නැ.අපිට හොදට පේන කරුණ නම් මේ තරහ ඇති උනේ තමන් තුලින් මයි.තමා තුලට ගත් නිසයි මෙහෙම උනේ.ඒ වචන තමා කරගත් නිසයි.
මන් තවත් උදාහරණයක් කියන්නං කෙනෙක්ට සල්ලි ඕනේ වෙනවා(ඔන්න සිතේ හට ගැනීම හෝ තමා තුලින් හට ගැසීම).සල්ලි හොයන්න ක්‍රමයක් නැ මේ කෙනා හොරකම් කරනවා(ඔන්න සල්ලි හම්බවෙලා ප්‍රීති වෙනවා)හැබැයි ටික කලකින් පොලිසියට හසු වෙනවා(වින්දනය අවසන්).පොලිසියෙන් ප්‍රශ්න කරද්දී බොරුත් කියනවා.ඔහොම ඉදලා ඇත්ත හෙළි වෙලා හිරේ දානවා.දැන් මේ මනුස්සයා කල්පනා කරනවා ඇයි මට මෙහෙම උනේ කියලා.ඔන්න ඕකයි තත්වය තමන් කොහේ හරි ජිවිතේ වැටෙන කන් දන්න නැ තමන් වැටෙනවා කියලා.මොන ආගමේ උනත් මොන ඇදහිල්ල කරත් තමන් ප්‍රශ්නයක් තුල පැටලී පැටලී ඉන්නවා මිසක් හේතුව හොයන් නැ.ඉතින් බාහිර ව දෙව කන්නලව් කරනවා තමන් ගෙ ප්‍රශ්නයෙන් නිදහස් කරන්න කියලා.එය ඇතිවුනේ අර සිතුවිල්ලෙන් කියලා හිතන් නැ.කවදාවත් පිහිටක් නං නැ.තව තවත් මුලාව තුල හිර වෙනවා පමණයි.තමන් තුළ ඇති උන තමන්ගේ සිත තුල ඇති උන සිතිවිල්ලක ප්‍රථිපලයක් ලෙස හිතුවා නං ඔහොම කවදාවත් හිතං නැ ඒ කෙනා.එහෙම හිතන කෙනාට ප්‍රශ්නයක් තියෙන වා ද නැද්ද?ඇත්තන්ම ඒ කෙනා තමන්ගේ වරද තමන් තුලින් දකිනවා මිස ලෝකයට භාර කරන්නේ නැත.සිත නිවැරදි වුවා නම් කයත් නිවැරදි වන්නේ නිරායසෙමිනි.
ඒ තැනට සිත සකස් කරගත යුත්තේ ද තමන් විසින් මයි.මොකද තමන් තුලින් ඇති වූ දෙයක් නිසාමයි.
දකින්න බුද්ධිමත්ව  දේව මුලාව,  ඔබට ජය !!!
 [මිනිහගේ කාමී සිතිවිල්ල ආවේ ඔහු තුල පවතින වැරදි සිතිවිලි වලින් එයයි හේතුව පලය කාමී සිතුවිල්ල වේගයෙන් අභාවයට ගොස් හිරේ දුක් විදීම නැතුව දෙය්යෝ කෝප වෙලාවත් ගිරයා වැරදිලාවත් නෙමෙයි]